Friday, October 12, 2012

..හැකිනම් දැවටිලා සුළඟක ඔබ එන්න..



නොනිදන නුවන් මත සිහිනය තවරන්න 
සිහිනෙට නැවුම් පැහැයක් එක් කරලන්න
තනිකම මකා පෙම් සිහිනය විඳ ගන්න 
හැකිනම් දැවටිලා සුළඟක ඔබ එන්න 

තරුවක අලුත් පෙම් පැතුමක් ගවසන්න
කප්පරකට උසට පැතුමන් අමුණන්න 
පෙම්බර ඔබෙ නමින් කවි පද පබඳින්න
හැකිනම් දැවටිලා සුළඟක ඔබ එන්න 

සුසුමක රැඳි සුදු මුදු සුව විඳ ගන්න
සුළඟට අලුත් කවි පදවැල් මුමුණන්න
තරු මල් වියන් අතරෙන් ඇවිදන් යන්න 
මග බලමින් හිඳිමි හනිකට ඔබ එන්න 

No comments:

Post a Comment