Tuesday, October 30, 2012

ඔබ ලඟම ඉමි දිව්තුරා ...

මහද කැටපත් පවුරකි
ඔබ එහි ලියූ යස කවියකි 
යොදා තනුවක් මිහිරැති 
ගයන්නට මට සිත් වුණි 

යුග ගණන් බෝ දුර ගෙවා 
පැමිණියෙමි මම ඔබ සොයා 
ඔබේ ලය මත හිස හොවා 
නිදමි සුව සිහිනෙක සදා ...

හිරු වෙලා, සඳ රැස් වෙලා 
ඔබ මගේ ලොව එළි කළා 
එළිය මැද නැහැවිලා 
ඔබ ලඟම ඉමි දිව්තුරා ...

1 comment: