Friday, October 12, 2012




අකීකරු හිනාවෙන් කවුළු දොර ලඟට වී
එදා වගේ අදත් හිදින් දගකාරියේ ..
පුංචි රතු මල් වැටුණු දිග ගවුම ඇඳ ඇවිත් 
හිඳින් දඟකාරියේ එදා වාගේ අදත් ...

සිහින් සිරිපොද වැස්ස වැටෙන සැන්දෑ සමේ
පහන් තාරකාවන් පිපි එන තුරු රැයට
පෙර වගේ ..
හිනැහෙන්න ලංවෙන්න සොඳුරු දඟකාරියේ ...

සිඟිති පා පොඩි තබා දුව ඇවිද ගෙමිදුලේ
හොරෙන් වාගේ ඇවිත් හිනා වී හැංගිලා 
කෙළි දෙලෙන් ...
ඒ දවස් අමතක ද කියන දඟකාරියේ ... 

රජී  අයියේ,  
මේ සින්දුව ඇහෙන වාරයක් ගානේ මගේ හිත අතීතෙට දුවලා ගිහින් ඔයාව හොයනවා...

එත්...
ඔයා ආයෙම එන්නේ නෑ කියලා දැනෙද්දී ඇතිවෙන දුක .. වචන කරන්න මම දන්නේ නෑ ...

ඉස්සර ඔයා ආස කරපු මගේ රතු මල් ගවුම .. කොණ්ඩ කරල් දෙක ... ඇත්තටම ඒ ඇතිතේ හරිම ලස්සනයි නේද ... ??
ආපහු දුවලා ගිහින් ඒ පොඩි කෙල්ල වෙන්න ඇත්නම් කියලා මට හිතෙන වාර අනන්තයි ... 

එත්, අද ඔයා නෑ .. මේ ලෝකේ කොහේවත් ... 

හොරෙන් ඇවිත් හිනා වේවි ඇස් වහන්න අදත් මම ආසයි ...
මතකද දවසක් ඔයා කිව්වා.. සද්දෙන් හිනා වෙන්න එපා කියලා .. අදටත් හිනා වෙද්දී මට ඔයාගේ වචන ඇහෙනවා අයියේ ... 

එත්, ඒ කොහේ ඉදන්ද ... ??

එක දවසක් හොදටම වහින වෙලාවක, මගේ පොඩි කුඩේ යට අපි දෙන්න ඇවිදන් ගිය හැටි, හා පැටියෙක් වගේ මාව ඔයා තුරුල් කරන වැස්සෙන් බේර ගන්න හදපු හැටි... ඔයා ගේ පුංචි ඇස් දෙක තවත් පුංචි කරලා මා දිහා බලන් හිටපු හැටි ... මතක් වෙද්දී දැනෙන දුක දරා ගන්න බෑ....

ඔයා කොහේ හරි ලෝකෙක සතුටෙන් ඇති කියලා හිතලා හිත හදා ගන්නම් අයියේ ....

No comments:

Post a Comment