Monday, October 15, 2012

පෙම් සිහින


කඳුලක්ව ගිලිහිච්ච 
මතකයක ගුලි වෙච්ච 
ඔබ තාම මා සිතේ
අලුත් කවි ලියනවා ...
ඔබ නමින් ඉපදිච්ච
මා සිතේ ලියවෙච්ච
පෙම් කවිය අද මෙ'මන් 
තනියෙන්ම ගයනවා ....
සිහිනයක සැඟවිච්ච  
ඔබ ඇවිත් තනි වෙච්ච 
සිත පුරා මට හොරෙන් 
පෙම් සිහින මවනවා .... 
මලක් සේ හිනැහිච්ච 
මගේ හිත, දිය වෙච්ච 
පරඬලක් සේ තවම
ඔබ එතැයි පතනවා .... 

No comments:

Post a Comment