ඉසුරුමුණි වළප
ඉසුරුමුණි පෙම්බරිය නෙතු අග
විරහ කඳුලක් දැවටිලා
දුටිමි ඇය ඉකි ගසා වැළපෙනු
තිසා වැව ළඟ තනි වෙලා
වැව් දියෙහි සුළගේ මුසුව විත්
වියෝ ගීතය රැව් නඟා
හෙමි හෙමින් මිමිණිය සවණත
මගේ හිත දුක් ගිනි නඟා
කුඹුක් සෙවණක තනිව වැළපෙන
සොඳුරු පෙම්බර සිත සොයා
ඉගිල යන්නට සිතිනි මා හට
ප්‍රේම ගීයක් ගය ගයා ...
අපූරු කිවි සිත්තමක්....
ReplyDeleteස්තුතියි නාලිකා :)
ReplyDelete