Friday, October 12, 2012


ඉසුරුමුණි වළප


ඉසුරුමුණි පෙම්බරිය නෙතු අග 
විරහ කඳුලක් දැවටිලා
දුටිමි ඇය ඉකි ගසා වැළපෙනු 
තිසා වැව ළඟ තනි වෙලා

වැව් දියෙහි සුළගේ මුසුව විත් 
වියෝ ගීතය රැව් නඟා 
හෙමි හෙමින් මිමිණිය සවණත
මගේ හිත දුක් ගිනි නඟා 

කුඹුක් සෙවණක තනිව වැළපෙන
සොඳුරු පෙම්බර සිත සොයා
ඉගිල යන්නට සිතිනි මා හට
ප්‍රේම ගීයක් ගය ගයා ...

2 comments:

  1. අපූරු කිවි සිත්තමක්....

    ReplyDelete
  2. ස්තුතියි නාලිකා :)

    ReplyDelete