Friday, March 6, 2015

පාපොච්චාරණය..

දහස් ගණන් කවි ලීවත්
නුඹ ගැන මා හිත
ලියූ එකඳු කවියක් වත්
කිසිවෙකු දැක නැත

හැම දෙනාම දකිනු රිසින්
කවි පදයක් ලෙස
නුඹෙ නම මම ලියා තබමි
සීගිරි ගල මත

කාස්සපට පුළුවන් නම්
අඟනුන් රූ සිරි අඳින්න
දුරක් ගෙවා සීගිරි ගොස්
හැකි නම් සිතුවම් බලන්න
හිත තුළ තෙරපෙන සිතුවිලි
බැරි නම් කවියක ලියන්න
කැටපත් පවුරක් කුමට ද
සීගිරියට මට කියන්න...

3 comments:

  1. හිකිස්.මෙක මරු ඈ...
    -අමායා-

    ReplyDelete
  2. ඔයැයි නේද අවුදුරු දෙකක් හිරගත උනේ..

    ReplyDelete
  3. ඒක නම් ඇත්ත. කැටපත් පවුරක් කුමට ? නුඹ නොදකින හිතකට.

    ReplyDelete