මුමුණමින් පෙර වගේ
මතකයට එබෙනවා
උන්නු හැටි ළඟ මගේ
අද තනිව ඇවිදිද්දී
එදා අප ගිය මඟේ
කඳුළු බිඳු ගලනවා
හිමින් දෙකොපුල් දිගේ ...
එක කුඩේ යටට වී
පෙර දාක අප උන්නු
මතකයක ගුලි වෙමි
එදා ඔබ මට දුන්නු
නිල් නුවන් අග්ගිස්සේ
කඳුළු බිඳුවක් රැන්දු
අතීතයේ සුවඳ පොද
අරන් එයි වැහි බින්දු ...
මතක මාවත දිගේ
අදත් ඇවිදන් යමි
ඔබ එදා කී කතා
යළිත් සිහි කර ගමි
ඔබ නැතිව දැනෙන දුක
තනිව උහුලා ඉමි
පොද වැස්සේ තෙමෙන්නට
ඔබ එතැයි ඉවසමි ....
No comments:
Post a Comment