මන්දාරම් අහස වගෙයි හඬන සිත මගේ
දරාන දුක සඟවා ගමි කඳුළු නැඟි ඇසේ
දුරින් බලා උන්නට ලං වෙන්න පින් නැතේ
හැමදාමත් හිනා වෙලා වෙන්ව යමු මෙසේ
දෙනෝදහක් ඇස් මග දිග දකින්නට ඇති
ඔය ඇස් මිස වෙන කිසිවක් මතක මත නැති
වදනක් වත් නොදොඩා දුන් සිනහා තොල් පෙති
මගෙ නොවුණත් මගෙයි කියා දරා ගමි නිති
හමුව සිනාසෙමු ලංවී ඉන්න පින නැති
හැම මොහොතෙම ලඟම රැඳෙමි සුළඟ හා එතී
එක කඳුළක් වත් හෙළන්න එපා දුක සිතී
තරුව මමයි ඔබ ගාවම ඉන්න සඳවතී
තරුව නුඹයි මම සඳ වෙමි එය වෙනස් නැති
ReplyDeleteතරු නොදිලෙන සඳ පහනක එළිය නොදිලෙති
තරුව සඳෙන් දුරස් උනොත් සඳට තනි ඇති
දුරක නොයා ළඟම හිඳිනු මගේ හිතවතී
ලස්සන කවියක්!
ස්තුතියි
Deleteහැමදාමත් හිනා වෙලා වෙන්ව යමු මෙසේ
ReplyDelete