සඳු අමාවකට දුක දී දුර ඈතක ඇදුනා
තනි වූ තරුවට විසල් අහසෙ තනිකම දැනුනා
නෙත් කෙවෙනි පුරා උණු කඳුලක සිතුවම් ඇඳුනා
ළඟ නොමැති සොවින් හොර රහසෙම මට ඉකි බිඳුනා
මගෙ මතක පුරා මා නොදැනිම ඔබ සැරි සැරුවා
සිත් අහස වසා සුපුරුදු සුවඳක් තනි මැකුවා
ඔබ ඒය සිතා දෙනුවන් එන පෙර මග බැලුවා
නොම ආව නිසා රහසින් මා කඳුළැලි සැලුවා
සඳ නැතිනම් තරු දිලුණත් අහසට සිරියක් නෑ
ඔබ දුර නම් තනි හිතට දුකක් මිස සතුටක් නෑ
කඳුලක් මිස නෙතට සොඳුරු සිනා උරුම නෑ
ඔබ නැතිව මියෙනු මිස ජිවත් වීමෙන් පල නෑ
No comments:
Post a Comment