මළානික කිරණ විහිදන
නිදා වැටෙන තරු කැට මැද
අමාවක සඳට පෙම් කළ
විරාජිනිය මා ....
දුලා නෙතු පුරා කඳුලැලි
අරා හැඩට සිතුවම් කළ
නිරාමිස සුවය පැතු මුදු
සුදේහිණිය මා .....
හොවා ලමැද උණුහුම ලඟ
සිනා මල් කැකුළු දරමින
සරාගික නුවන් මත් කළ
සුපෙම්බරිය මා ...
No comments:
Post a Comment