ගං දෑල පිපී හිනැහෙන සුදු
කෙකටිය .............යායේ
රැව්දේවි වදන් මා ගයනා
දුක්බර .....................ගීයේ
ලංවිලා ඉඳන් පෙම් බස්
දෙඩුවත් අප ...............ඊයේ
වෙන්වීලා මගෙන් දුර ගොස්
නුඹ එන්නෑ ........ආයේ
ඔය ඇස් අද්දර හිඳගෙන මගෙ
ලෝකය .......මැව්වා
මගෙ මතක ඉමේ හැමදාමත් ඔබෙ
නම .........ලිව්වා
මද සුළඟ ඇවිත් ගං දිය මත
පෙම් කවි ..........කිව්වා
නෙතු කඳුළු පිරී මොහොතින්
හිරු සඳු තරු ...නිව්වා
දං පඳුරු පුරා කිචි බිචි
ගානා .................කුරුල්ලනේ
ගං දෑල අතැර කොයිබටදෝ
නුඹත් ...........ඉගිලුනේ
රුං ගාලා ඇවිත් මේ දුක්
කවි රැගෙන යනු. ......අනේ
මං තාම බලා ඉන්නා බව ඔහුට
කිව ..............මැනේ
දුක දන්නවා නම් මේ පදවැල් දෙන්නව සහෝදරි
ReplyDeleteලස්සන පදවැල් ගැලපුමක්
ලස්සනයි .............