කඳුළු කවි සිත්තම්
කඳුලෙන් සිත්තම් කරපු මගේ කවි හිත... එන්න.. ඇවිත් විඳ ගන්න ...
Thursday, January 30, 2014
රිදුණු සිතින් කවි ලියමි ඉතින් මම ...
විලංගු ලා සිත
තබා ගනිමි යළි
ඔබට නොඑන්නට
සිහිනෙන් වත් ...
නුමුදු සැණින් නුඹ
සිතට ඇවිත්
කොඳුරනවා පෙම් කවි
සිහින් සරින් ....
සොඳුරු දසුන් පිරි
මතක මැදින් නුඹ
කොනිති ගසනවා
ඇවිත් සෙමින් ....
රිදුණු සිතින්
කවි ලියමි ඉතින් මම
මිහිරි මතක මත
සැඟව හොරෙන් ........
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment