Friday, May 30, 2014
Thursday, January 30, 2014
මතක අමතක කරනෙමි ...
හුදෙකලා තනි මංසලේ
අයාලේ ගිය ජීවිතේ
ඔහේ සුළඟේ ගසා යාදෙන්
කොහේ හෝ ඈතක් සොයා ...
ඔබේ නෙත් මානෙන් එහා ....
උණු කඳුළු වැස්සේ තෙමි
සුසුමකින් සිත සලිත වී
හදේ ගැඹුරෙම රිදුම් දේවී
මටත් රහසෙන් ඉකි ගැසී
ඔබට පිදු පෙම මිළින වී ....
සුළඟක් ව සිහිලස මට දිදී
සුවඳක් ව දිවියෙම ළඟ හිඳී
දුර ඉන්න සනසමි සිත නිති
ඔබ හින්දා මා විඳී දුක් ඇති
ඒ මතක අමතක කරනෙමි .....
අයාලේ ගිය ජීවිතේ
ඔහේ සුළඟේ ගසා යාදෙන්
කොහේ හෝ ඈතක් සොයා ...
ඔබේ නෙත් මානෙන් එහා ....
උණු කඳුළු වැස්සේ තෙමි
සුසුමකින් සිත සලිත වී
හදේ ගැඹුරෙම රිදුම් දේවී
මටත් රහසෙන් ඉකි ගැසී
ඔබට පිදු පෙම මිළින වී ....
සුළඟක් ව සිහිලස මට දිදී
සුවඳක් ව දිවියෙම ළඟ හිඳී
දුර ඉන්න සනසමි සිත නිති
ඔබ හින්දා මා විඳී දුක් ඇති
ඒ මතක අමතක කරනෙමි .....
සිත ඔබගෙයි ප්‍රියේ ... දැන් ලං වෙමු මෙසේ ...
දුක හංගාන ඇස් අස්සේ
හිනැහෙන්න බෑ ..
මේ හිත හඬන බව තාම
ඔබ දන්නේ නෑ ...
උණු කඳුළු බර හිතට
උහුලන්න බෑ ..
මගෙ දුක දන්න ඔබ
ඔහොම දුර ඉන්නේ නෑ ...
මට උණුහුමට සැඟවෙන්න
ඔය පපුතුරේ
ඇයි තව නාවෙ පිසලන්න
කඳුළැල් මගේ
හිත මාගේ ඔබ ගාව
දන්නෑ වගේ
තව දුර ඉන්නේ ඇයි මෙහෙම
ඉවසනු කෙසේ ...
සිත ඔබගෙයි ප්‍රියේ ..
ඇයි දන්නෑ වගේ ...
ලිහිණින් ද මුමුණන්නේ
රෑ මැදියමේ
ඔබ ගැනමයි ඉතින් නොඑද
කඳුලක් ඇසේ
ඔබ ලං වෙන්න දුර ඉන්න
බෑ තව මෙසේ
හෙට හිරු ඒවි ඔබ අහස
වූවොත් මගේ ...
සිත ඔබගෙයි ප්‍රියේ ...
දැන් ලං වෙමු මෙසේ ...
හිනැහෙන්න බෑ ..
මේ හිත හඬන බව තාම
ඔබ දන්නේ නෑ ...
උණු කඳුළු බර හිතට
උහුලන්න බෑ ..
මගෙ දුක දන්න ඔබ
ඔහොම දුර ඉන්නේ නෑ ...
මට උණුහුමට සැඟවෙන්න
ඔය පපුතුරේ
ඇයි තව නාවෙ පිසලන්න
කඳුළැල් මගේ
හිත මාගේ ඔබ ගාව
දන්නෑ වගේ
තව දුර ඉන්නේ ඇයි මෙහෙම
ඉවසනු කෙසේ ...
සිත ඔබගෙයි ප්‍රියේ ..
ඇයි දන්නෑ වගේ ...
ලිහිණින් ද මුමුණන්නේ
රෑ මැදියමේ
ඔබ ගැනමයි ඉතින් නොඑද
කඳුලක් ඇසේ
ඔබ ලං වෙන්න දුර ඉන්න
බෑ තව මෙසේ
හෙට හිරු ඒවි ඔබ අහස
වූවොත් මගේ ...
සිත ඔබගෙයි ප්‍රියේ ...
දැන් ලං වෙමු මෙසේ ...
ඔබ එන්න ආදරෙන් මගෙ නොවී මගෙ වෙන්න ......
හුස්මකින් හිත නිවා
හදෙහි රිද්මය අසා
ඇහි පිල්ලමක් යටින්
ජිවිතේ කියවන්න ..
ආදරේ විඳ ගන්න ..
පපුතුරෙහි හිස හොවා
ඉන්න මට හිතෙනවා
එකම එක ඇසිල්ලක්
ලෝකයෙම ඇස් වසා .....
උර මඩලේ සුව සොයා
නෙතු පියන් පත් පියා
හද ගැහෙන රාවයෙන්
ගීතයක් මුමුණන්න ..
ආදරේ විඳ ගන්න ..
ඔබ ලඟම දැවටිලා
ඉන්න මට හිතෙනවා
එකම එක ඇසිල්ලක්
උණුහුමට ගුලි වෙලා .....
වැටෙන හැම හුස්මකම
සිහිලසෙන් නැහැවෙන්න ..
ඇස් කෙවෙනි අග ලියු
ආදරේ ඇහිඳින්න ..
ඇඟිලි තුඩු උණුහුමෙන්
මොහොතකට ගුලි වෙන්න ..
ඔබ එන්න ආදරෙන්
මගෙ නොවී මගෙ වෙන්න ......
හදෙහි රිද්මය අසා
ඇහි පිල්ලමක් යටින්
ජිවිතේ කියවන්න ..
ආදරේ විඳ ගන්න ..
පපුතුරෙහි හිස හොවා
ඉන්න මට හිතෙනවා
එකම එක ඇසිල්ලක්
ලෝකයෙම ඇස් වසා .....
උර මඩලේ සුව සොයා
නෙතු පියන් පත් පියා
හද ගැහෙන රාවයෙන්
ගීතයක් මුමුණන්න ..
ආදරේ විඳ ගන්න ..
ඔබ ලඟම දැවටිලා
ඉන්න මට හිතෙනවා
එකම එක ඇසිල්ලක්
උණුහුමට ගුලි වෙලා .....
වැටෙන හැම හුස්මකම
සිහිලසෙන් නැහැවෙන්න ..
ඇස් කෙවෙනි අග ලියු
ආදරේ ඇහිඳින්න ..
ඇඟිලි තුඩු උණුහුමෙන්
මොහොතකට ගුලි වෙන්න ..
ඔබ එන්න ආදරෙන්
මගෙ නොවී මගෙ වෙන්න ......
පරාජිත පෙම් කවක් පබඳිමි ගලා යන කඳුලක් දරන්
දවා .....හදවත පලා ගිය රුදු සලෙළ කුමරෙකු ගේ .........නමින්
මවා ....කුමට ද සිහින මන්දිර හලා හල කඳුලක් ..........බොමින්
නිවා ....සිත තුළ නැගුණු ගින්දර විඩාපත් සිත ......... .සනසමින්
ගෙවා ..ගවු දුර සොයා යනු මැන නවමු වූ අරුතක් ........පෙමින්
සරා ....සිහිනෙක දිවා රැයෙහිම මැව්ව පැතුමන් සුන් .......කරන්
නිරා ....මිස සුව සොයා ගිය පෙම් සිහින අහුරම ගිනි .........අරන්
මරා ....මතකය දවා හළු කර මකා සලකුණු කර ...............තුරන්
පරා ....ජිත පෙම් කවක් පබඳිමි ගලා යන කඳුලක් .............දරන්
අමා .... වක මිස සරා සඳ නෑ මගේ විජිතයෙ ...........දිලෙන්නේ
දමා .... අත්හැර යන්න නොහැකිව මතක සිත ඉකි ......බිඳින්නේ
පමා .... වී ආ වසන්තය නුඹ කඳුළ මට තනි ...............රකින්නේ
සමා .... වුව මැන හිතේ නෑ යළි ආල සිතුවම් .........මැවෙන්නේ
වළා .....යහනෙන් මිදී විත් සඳ අඳුර කළඑළි ...............කරනවා
මලා .....නික තරු වලින් සඳු නැති රෑක ඝනදුර ............මකනවා
ගලා .....ගිය උණු කඳුළු තවමත් මගේ හදවත ............පෙළනවා
හෙලා ...සුසුමක් සිනාසුන මුත් හෙටත් කඳුළක් ........තියෙනවා
තැලී ....පරවුණු මලෙක නෑ කිසිලෙසක සුවඳක් .......දෙවන්නේ
හැලී ....ගිලිහුණු ළපළු මල් පෙති නෑ මලක් යළි ........තනන්නේ
ගැලී ....අඳුරෙම බලා ඉන්නම් ඉරක් නෑ හෙට .......නැගෙන්නේ
දිලී .....ඈතින් සිනාසෙනු මැන නෙලා ගනු බැරි .......කමින්නේ
සියුමැලි හිතක් කැළඹුව තරම් ....
එක හාදුවක්
දිගු හීනයක්
සියුමැලි හිතක්
කැළඹුව තරම් ....
හැඩි දැඩි හිතක්
සියුමැලි බවක්
එක මොහොතකින්
පෙන්නුව තරම් ...
හිත මත යළිත්
අළුතෙන් කවක්
දී එක සැනෙන්
හිත ගත් තරම් ...
හරි ආදරෙන්
ඔබ ළඟ යළිත්
ඉන්නයි හිතන්
දුක් වෙන තරම් ....
එක හීනයක්
නෑ... සැබෑවක් වී
එන්න නොහැකිද
ආයෙමත් ...
දිගු හීනයක්
සියුමැලි හිතක්
කැළඹුව තරම් ....
හැඩි දැඩි හිතක්
සියුමැලි බවක්
එක මොහොතකින්
පෙන්නුව තරම් ...
හිත මත යළිත්
අළුතෙන් කවක්
දී එක සැනෙන්
හිත ගත් තරම් ...
හරි ආදරෙන්
ඔබ ළඟ යළිත්
ඉන්නයි හිතන්
දුක් වෙන තරම් ....
එක හීනයක්
නෑ... සැබෑවක් වී
එන්න නොහැකිද
ආයෙමත් ...
ඉතින් සමු ගමු නෙතින් ආයෙත් කිසිත් රහසක් නොකියලා ....
දහක් ඇස් මැද
රහස් කොඳුරන
ඔබේ ඇස් ළඟ නැවතිලා ..
දුරක් යන්නට
බහක් දෙන්නට
බයේ මගෙ හිත ගොළු වෙලා ...
නිමක් නොවෙනා
පැතුම් කන්දක්
ගෙනත් මා නෙත් රවටලා ..
කිසිත් නොකියා
ඔබත් යාවි ද
අළුත් කඳුලක් තවරලා ....
යළිත් කඳුලක
සියුම් රිදුමක්
දරමි කෙලෙසද තනි වෙලා ..
ඉතින් සමු ගමු
නෙතින් ආයෙත්
කිසිත් රහසක් නොකියලා ....
රහස් කොඳුරන
ඔබේ ඇස් ළඟ නැවතිලා ..
දුරක් යන්නට
බහක් දෙන්නට
බයේ මගෙ හිත ගොළු වෙලා ...
නිමක් නොවෙනා
පැතුම් කන්දක්
ගෙනත් මා නෙත් රවටලා ..
කිසිත් නොකියා
ඔබත් යාවි ද
අළුත් කඳුලක් තවරලා ....
යළිත් කඳුලක
සියුම් රිදුමක්
දරමි කෙලෙසද තනි වෙලා ..
ඉතින් සමු ගමු
නෙතින් ආයෙත්
කිසිත් රහසක් නොකියලා ....
මගෙ අප්පච්චි ....
සතුටකදිත්
හිනා නොවෙන
දුක හංගන්
බලා හිඳින
මුවින් එකදු වදනක් වත්
නොදොඩා මුනිවතම රකින
නමුත්
දරු පෙමින් සිත යට
දස දහසක් බස් තෙපලන
අපෙ අප්පච්චි
ඉරට වඩා එළිය බෙදන
සඳු වාගේ සිසිල සදන
දිරිය වෙලා ලඟම රැඳෙන
අපෙ අප්පච්චි ..
විසල් අහස ඔබමයි මට
මගෙ අප්පච්චි ....
දහදිය උණු කඳුළු හලපු
රහසින් හැම දුක් උහුලපු
මලක් වගේ අපව හදපු
අපෙ අප්පච්චි...
මුළු ලෝකෙම ඔබමයි මට
මගෙ අප්පච්චි .....
ගීත පද මුමුණනා අම්මා ...
කන්තෝරුවේ හවස
තේ වෙලාවෙ දී දුන්නු
විස්කෝතු දෙක හොරෙන් හංගා
ගෙදර ගෙනවිත් සුරැක
මයෙ පුතේ කාපන්ය
ම'වෙත දුන්නේ මගේ අම්මා ...
බඩ වැටියේ ඇවිදිමින්
සොයා ගෙන විත් ගහල
මගේ කුස පුරවනා තම්බා
අල්ල කා කහට බී
සීනි වැඩිපුර දැමූ
කිරි තේක මට දුන්නු අම්මා ...
කඳුළු කැට දිළිසෙනා
ඇස් වහං කර මගෙන්
මුව මතට සිනහවක් නංවා
රෑට ඉහ අද්දරින්
රෑහි හඬ නොඇසෙන්න
ගීත පද මුමුණනා අම්මා ...
ලෙංගතු හිත හසරැල්ලක දවටලා - එවනු හැකි ද මා ඉන්නම් මග බලා
හිමින් ඇවිත් හිතේ ඉඩක් ඉල්ලලා
හොරෙන් වගේ හිත පුරාම රිංගලා
අමුතු හැඟුම් මගේ හිතේ වපුරලා
යන්න එපා දැන් නම් හිත රිදවලා
ගොඩක් කතන්දර බැල්මක සඟවලා
හිනාවකින් නොකියූ බස් අඟවලා
දුරින් බලා ඉන්නේ ඇයි හිනැහිලා
අලුත් කතාවක් ලියමු ද එක් වෙලා
හදේ නැගුණු ආල හැඟුම් කලතලා
ලෙංගතු හිත හසරැල්ලක දවටලා
රැක ගන්නට දිවි තෙක් වෙනතක නොලා
එවනු හැකි ද මා ඉන්නම් මග බලා
හොරෙන් වගේ හිත පුරාම රිංගලා
අමුතු හැඟුම් මගේ හිතේ වපුරලා
යන්න එපා දැන් නම් හිත රිදවලා
ගොඩක් කතන්දර බැල්මක සඟවලා
හිනාවකින් නොකියූ බස් අඟවලා
දුරින් බලා ඉන්නේ ඇයි හිනැහිලා
අලුත් කතාවක් ලියමු ද එක් වෙලා
හදේ නැගුණු ආල හැඟුම් කලතලා
ලෙංගතු හිත හසරැල්ලක දවටලා
රැක ගන්නට දිවි තෙක් වෙනතක නොලා
එවනු හැකි ද මා ඉන්නම් මග බලා
රිදුණු සිතින් කවි ලියමි ඉතින් මම ...
විලංගු ලා සිත
තබා ගනිමි යළි
ඔබට නොඑන්නට
සිහිනෙන් වත් ...
නුමුදු සැණින් නුඹ
සිතට ඇවිත්
කොඳුරනවා පෙම් කවි
සිහින් සරින් ....
සොඳුරු දසුන් පිරි
මතක මැදින් නුඹ
කොනිති ගසනවා
ඇවිත් සෙමින් ....
රිදුණු සිතින්
කවි ලියමි ඉතින් මම
මිහිරි මතක මත
සැඟව හොරෙන් ........
තබා ගනිමි යළි
ඔබට නොඑන්නට
සිහිනෙන් වත් ...
නුමුදු සැණින් නුඹ
සිතට ඇවිත්
කොඳුරනවා පෙම් කවි
සිහින් සරින් ....
සොඳුරු දසුන් පිරි
මතක මැදින් නුඹ
කොනිති ගසනවා
ඇවිත් සෙමින් ....
රිදුණු සිතින්
කවි ලියමි ඉතින් මම
මිහිරි මතක මත
සැඟව හොරෙන් ........
ඔබ සෙවනේ ලැඟුම් සොයා මම එමි රහසින් ......
ඇස් අග රැඳි
හිත යට හිඳි
ලොවට හොරෙන් සඟවා රැකි
තවමත් නුඹ හට නොකීව
එනමුත් නුඹ හොඳින් දන්න
අපේ කතාවක්
මුමුණමි රහසින් ....
සඳ තරු ඇති
ඝනදුර ඇති
තනිකම බිඳුවක් වත් නැති
පාළු සීත රාත්‍රියක
සිහිනය විලසින්
ඔබ සෙවනේ ලැඟුම් සොයා
මම එමි රහසින් ......
හිත යට හිඳි
ලොවට හොරෙන් සඟවා රැකි
තවමත් නුඹ හට නොකීව
එනමුත් නුඹ හොඳින් දන්න
අපේ කතාවක්
මුමුණමි රහසින් ....
සඳ තරු ඇති
ඝනදුර ඇති
තනිකම බිඳුවක් වත් නැති
පාළු සීත රාත්‍රියක
සිහිනය විලසින්
ඔබ සෙවනේ ලැඟුම් සොයා
මම එමි රහසින් ......
Wednesday, December 4, 2013
මගේ තාත්තා ....
දැල් ගහපු බස් එකෙන්
මාසෙකට වතාවක්
මා බලන්නට එන
අපේ තාත්තා ..
යකඩ කූරු මැද්දෙන්
මා දිහා බලා ගෙන
කඳුළු කැට පිහිදනා
මගේ තාත්තා ...
විලංගු ලු අත් වලින්
මගේ හිස අත ගගා
රජෙක් වීයන් කියන
මගේ තාත්තා ...
අපේ ගෙදරට නොඑන
එතැයි මා මග බලන
හිර ගෙදර දුක් විඳින
මගේ තාත්තා ....
මාසෙකට වතාවක්
මා බලන්නට එන
අපේ තාත්තා ..
යකඩ කූරු මැද්දෙන්
මා දිහා බලා ගෙන
කඳුළු කැට පිහිදනා
මගේ තාත්තා ...
විලංගු ලු අත් වලින්
මගේ හිස අත ගගා
රජෙක් වීයන් කියන
මගේ තාත්තා ...
අපේ ගෙදරට නොඑන
එතැයි මා මග බලන
හිර ගෙදර දුක් විඳින
මගේ තාත්තා ....
පුංචි එකී මං ...
සුදු කොට රැළි ගවුම ඇඳලා
කොණ්ඩ කරල් දෙකක් ගොතලා
දෙවැට දිගේ අකුරට ගිය
පුංචි එකී මං ...
අරලිය ගය උඩට නැගලා
පොකුරු පොකුරු මලුත් නෙලලා
උදාසනම පාසල් ගිය
පුංචි එකී මං ...
සමනලුන්ට රහස් කියලා
බත් කූරන් නූල් බැඳලා
ලන්ද දිගේ දං කඩාපු
පුංචි එකී මං ....
කොලු රෑනේ මැදට පැනලා
වෙල් එළියේ එල්ලේ ගහලා
තාත්තට හොරෙන් ගෙට ගිය
පුංචි එකී මං ......
ශිෂ්‍යත්වය හොඳට ලියලා
මහා ඉහළින් ලකුණු ලබලා
ගමෙන් සිදාදියට ආව
පුංචි එකී මං ....
සමනල් හිත ගමේ තියලා
සිදාදියේ අකුරු කරලා
ගමේ යන්න පාර හොයන
ගමේ එකී මං ...
කොණ්ඩ කරල් දෙකක් ගොතලා
දෙවැට දිගේ අකුරට ගිය
පුංචි එකී මං ...
අරලිය ගය උඩට නැගලා
පොකුරු පොකුරු මලුත් නෙලලා
උදාසනම පාසල් ගිය
පුංචි එකී මං ...
සමනලුන්ට රහස් කියලා
බත් කූරන් නූල් බැඳලා
ලන්ද දිගේ දං කඩාපු
පුංචි එකී මං ....
කොලු රෑනේ මැදට පැනලා
වෙල් එළියේ එල්ලේ ගහලා
තාත්තට හොරෙන් ගෙට ගිය
පුංචි එකී මං ......
ශිෂ්‍යත්වය හොඳට ලියලා
මහා ඉහළින් ලකුණු ලබලා
ගමෙන් සිදාදියට ආව
පුංචි එකී මං ....
සමනල් හිත ගමේ තියලා
සිදාදියේ අකුරු කරලා
ගමේ යන්න පාර හොයන
ගමේ එකී මං ...
එන්න හිතේ ලැඟුම් ගන්න සිහිනයෙන් මිදී...
හෙමින් ඇවිත් ලැගුම් ගන්න ඔබේ හිත මතින්
කලක් බලන් හිටියා දුක දරා ගෙන සිතින්
අකල් වැස්ස ලෙස හිත වෙත ඇද වැටි සැණින්
අලුත් පෙම් කවක් මුමුණන් නම් ද දැන් ඉතින් ..
දුරක් යන්න අත අල්ලා ගන්ට සිතෙනවා
කොතෙක් දුක දරන්ට වෙද මසිත අහනවා
දහක් කතා ඔය ඇස් යට රහස් කියනවා
පෙමක් එපා තනිකඩ හිත මට මුමුණනවා
අහංකාර එක බැල්මක හිසරය වැදී
මගේ හිතත් දැන්නම් ඇත හොඳටෝම රිදී
කෝලිත්තම් කතා එපා හිතට දුක නොදී
එන්න හිතේ ලැඟුම් ගන්න සිහිනයෙන් මිදී .....
කලක් බලන් හිටියා දුක දරා ගෙන සිතින්
අකල් වැස්ස ලෙස හිත වෙත ඇද වැටි සැණින්
අලුත් පෙම් කවක් මුමුණන් නම් ද දැන් ඉතින් ..
දුරක් යන්න අත අල්ලා ගන්ට සිතෙනවා
කොතෙක් දුක දරන්ට වෙද මසිත අහනවා
දහක් කතා ඔය ඇස් යට රහස් කියනවා
පෙමක් එපා තනිකඩ හිත මට මුමුණනවා
අහංකාර එක බැල්මක හිසරය වැදී
මගේ හිතත් දැන්නම් ඇත හොඳටෝම රිදී
කෝලිත්තම් කතා එපා හිතට දුක නොදී
එන්න හිතේ ලැඟුම් ගන්න සිහිනයෙන් මිදී .....
Wednesday, October 2, 2013
දිවිතුරා ඔබයි ඔබ පමණයි ආදරය මගේ ....
සඳ තවම නාඹරයි
පිණි වැස්ස සීතලයි
නුඹ ලැගුම් ගත්තු මේ හිත යට
හරිම උණුහුමයි
ඒ ආදරේ තමයි ....
ඉර ඇහැරෙනා උදේ
මල් සුවඳ සේ වෙළී
සිත පුරා රඟන ඔබෙ සෙනෙහස
ජිවිතේ මගේ
ඇස් පියන් වැසෙන තුරු ඔබමයි
ආදරය මගේ ....
තරු හිනැහෙනා රැයේ
මද අඳුර හා එතී
සිත පුරා දුවන ඔබෙ සෙනෙහස
ජීවිතය මගේ
දිවිතුරා ඔබයි ඔබ පමණයි
ආදරය මගේ ....
සිදංගනාවි ......
රෑ දොළොස් පැයේ නොනිදන
තුන් තිස් පැය දුගඳ හමන
මුඩුක්කු රජ මාලිගාවෙ
සුරංගනාවී ......
උලා දෙතොල් මත රත් පැහැ
කොපුල් මත පුයර තවරා
දෑස් කොනෙන් බැලුම් හෙළන
සුරංගනාවී .......
මරියකඩේ වංගුව ළඟ
දෙමළ සින්දුවක් කිය කිය
අසුපිට එන කුමරු පතන
සුරංගනාවී .....
තුට්ටු දෙකට ඇඟ විකුණා
මල්ලක් බඩු ගෙදර ගෙනත්
දරුවන් කුස ගිනි නිවනා
සිදංගනාවි ......
දිව එන්න හිතෙනවා ඔබ සෙවනෙ දැවටෙන්න
සඳ දුරින් දිලුනාට එහි සිහිල විඳ ................ගන්න
තරුවකට පුළුවන්ලු හෙමි හෙමින් ලං ......වෙන්න
දුර වුණත් ඔය හිතේ පෙම් සිහිලෙ ....සැනහෙන්න
දහක් බැමි බිඳ දමා හිතෙනවා මට ..............එන්න
දේදුන්නෙ සත් පැහැය නෙත් ඉමේ ......තවරන්න
අත පොවන මානයේ ස්නේහ සුව ........ගවසන්න
මියෙන තුරු ජිවිතේ එකට හිඳ ........සැනහෙන්න
දිව එන්න හිතෙනවා ඔබ සෙවනෙ ....දැවටෙන්න
දෙතැන හිඳ වැළපෙනා තනිකමට ......සමු දෙන්න
සඳක් සේ බැස නොයා හිත් අහසෙ ....සුදිලෙන්න
ඔබේ වී හැමදාම පෙම් සුවේ ................විඳ ගන්න
සඳවතිය එන තුරා තරු කැකුළු ...........ඇහිඳින්න
තුන් හිතක නෑ මගේ පෙම් හිතක් ........රවටන්න
ලං වුණේ දිවිතුරා ඔබෙම වී ළඟ .............ඉන්න
හාදු වැස්සක් කොපුල් තල පුරා ..........අතුරන්න
සත්තකයි ඉක්මනින් එන තුරා ..........ඉවසන්න
තරුවකට පුළුවන්ලු හෙමි හෙමින් ලං ......වෙන්න
දුර වුණත් ඔය හිතේ පෙම් සිහිලෙ ....සැනහෙන්න
දහක් බැමි බිඳ දමා හිතෙනවා මට ..............එන්න
දේදුන්නෙ සත් පැහැය නෙත් ඉමේ ......තවරන්න
අත පොවන මානයේ ස්නේහ සුව ........ගවසන්න
මියෙන තුරු ජිවිතේ එකට හිඳ ........සැනහෙන්න
දිව එන්න හිතෙනවා ඔබ සෙවනෙ ....දැවටෙන්න
දෙතැන හිඳ වැළපෙනා තනිකමට ......සමු දෙන්න
සඳක් සේ බැස නොයා හිත් අහසෙ ....සුදිලෙන්න
ඔබේ වී හැමදාම පෙම් සුවේ ................විඳ ගන්න
සඳවතිය එන තුරා තරු කැකුළු ...........ඇහිඳින්න
තුන් හිතක නෑ මගේ පෙම් හිතක් ........රවටන්න
ලං වුණේ දිවිතුරා ඔබෙම වී ළඟ .............ඉන්න
හාදු වැස්සක් කොපුල් තල පුරා ..........අතුරන්න
සත්තකයි ඉක්මනින් එන තුරා ..........ඉවසන්න
මතකයි තවමත් හිනා වුණා පුංචි ඇස් වලින්
මගෙ මතක මහ ගොඩයි
ඒ හැම මතකෙම හැම මොහොතෙම
ඇත්තෙ එක දෙයයි ..
ඒ ආදරයෙන් රහස් කියන
ඔබගෙ නෙත් දෙකයි ....
දුර ඈත දවසකදී හමුවී
නාදුනන ලෙසින්
මතකයි තවමත් හිනා වුණා
පුංචි ඇස් වලින්
ඔබ ගියා දුරක හිත තියලා
මගේ ඇස් ලඟින්
යළි ඒද සිතා හැඬුවා
මුළු රැයක් මා දුකින් .....
මල් හීනයක් වගේ විත්
හිත ගාව සිනා සී
මහ ගොඩක් ආදරේ දුන්නා
ඔබ මගේම වී
ඒ මතක සිතුවමක් විලසින්
සිත යට තෙරපී
යළි යළිත් සතුටු සෙවනැළි
සිතුවමට නගාවී ....
ඒ හැම මතකෙම හැම මොහොතෙම
ඇත්තෙ එක දෙයයි ..
ඒ ආදරයෙන් රහස් කියන
ඔබගෙ නෙත් දෙකයි ....
දුර ඈත දවසකදී හමුවී
නාදුනන ලෙසින්
මතකයි තවමත් හිනා වුණා
පුංචි ඇස් වලින්
ඔබ ගියා දුරක හිත තියලා
මගේ ඇස් ලඟින්
යළි ඒද සිතා හැඬුවා
මුළු රැයක් මා දුකින් .....
මල් හීනයක් වගේ විත්
හිත ගාව සිනා සී
මහ ගොඩක් ආදරේ දුන්නා
ඔබ මගේම වී
ඒ මතක සිතුවමක් විලසින්
සිත යට තෙරපී
යළි යළිත් සතුටු සෙවනැළි
සිතුවමට නගාවී ....
මට ආදරෙයි ද දැන්වත් එක වරක් කියන්න ....
ආදරේ සොයා ගෙන මා හිත
ගොඩක් දුර ගියා
ඒ යනෙන අතරමග තැනකදී
නුඹත් හිනැහුනා
එක වරක් දැක්ක නුඹේ නෙත් දෙක
යළිත් සිහි වුණා
මේ සසරෙ පුරුදු සුහද බවක්
ඇතැයි වැටහුණා ....
ඔය ඇස් කොනේ ලියා ගෙන
මහ ගොඩක් කතන්දර
හිනැහුණේ ඇයි මෙහෙම
මගෙ හිත මගෙන් දුරස් කර
යළි යළිත් දකින්නට ඔය නෙත්
පතයි දහස් වර
හිත හදා ගන්න බෑ ඔබ රුව
මැවෙයි නෙත'ද්දර
මට මතක් කරන් මුළු දවසම
සිනා නගන්න
එක හිනාවකුත් ඇති මා හිත
විඩා නිවන්න
ඔබ නොදන්නවා වාගේ ඇයි
එපා දවන්න
මට ආදරෙයි ද දැන්වත්
එක වරක් කියන්න ....
ගොඩක් දුර ගියා
ඒ යනෙන අතරමග තැනකදී
නුඹත් හිනැහුනා
එක වරක් දැක්ක නුඹේ නෙත් දෙක
යළිත් සිහි වුණා
මේ සසරෙ පුරුදු සුහද බවක්
ඇතැයි වැටහුණා ....
ඔය ඇස් කොනේ ලියා ගෙන
මහ ගොඩක් කතන්දර
හිනැහුණේ ඇයි මෙහෙම
මගෙ හිත මගෙන් දුරස් කර
යළි යළිත් දකින්නට ඔය නෙත්
පතයි දහස් වර
හිත හදා ගන්න බෑ ඔබ රුව
මැවෙයි නෙත'ද්දර
මට මතක් කරන් මුළු දවසම
සිනා නගන්න
එක හිනාවකුත් ඇති මා හිත
විඩා නිවන්න
ඔබ නොදන්නවා වාගේ ඇයි
එපා දවන්න
මට ආදරෙයි ද දැන්වත්
එක වරක් කියන්න ....
Subscribe to:
Posts (Atom)





.jpg)
