Tuesday, February 26, 2013
එතෙර ගිය සැමියාට
රන්මසු සොයා දුරු රට ගිය සැමියාන
ඔබ නැති සොවින් වැළපෙයි මුදු සඳ පාන
තනිකම ඇවිත් සිත අද්දර මුර ගාන
කළුවර රෑට අහුලමි ඔබ ගැන හීන
සමුදුරු සතක් දුර උන්නත් ගතින් මගේ
හැම මොහොතකම දැනුනේ ඔබ ලඟින් වගේ
සුර සැප නැතත් එක පත කා හිඳිනු වගේ
තනියම විඳින දුක් කන්දක වේද අගේ
ගැලවී දහක් බැල්මෙන් මග ඉඟි කරන
සැඟවී ඔබ නමින් නිති පතිදම් රකින
සිහිවී දරු පැටවු එන තුරු මග බලන
මත්වී නොයේවා අන් ළඳකගෙ පෙමින
මසුරන් නැතත් ඔබ ළඟ වේ නම් සුහදේ
කතරක වුවත් සුවදැති හැඩ මල් පිබිදේ
නිම කර ඇවිලෙනා දුක් ගින්දර මහදේ
හනිකට මෙරට වෙත එනු මැන මා සමිඳේ
Subscribe to:
Post Comments (Atom)
පදපෙල බොහෝම සංවේදීයි, නිර්ව්‍යාජයි.
ReplyDeleteවිශේෂයෙන් කතාවේ අනික් ඉවුරේ ඉඳ ලත් අත්දැකීම් එමටයි. උපන්බිමට , සමාජයට වගේම අනුන්ට බරක් නොවී දෙපයින් නැගී සිටින්න ඔවුන් (දෙපැත්තෙම ) දරන වෙහෙස අනුපමේයයි.
ස්තුතියි
Deleteහෘදයංගම කවියක්...
ReplyDeleteඅප වැන්නවුන් වෙනුවෙන් ලියැවුණු
ස්තූතියි
ස්තුතියි අයියේ
Delete