වලාකුළෙන් සඳ වැසිලා එළිය සඟවලා
වාගෙයි නුඹ තරහ වෙලා මුහුණ කළු වෙලා
තව නම් මට ඉවසනු බෑ මෙලෙස ගොළු වෙලා
දැන් එක වදනක් වත් දොඩන්න ටිකක් හිනැහිලා
කතා නැතිව අප දෙන්නා ගෙවන තත්පරෙත්
කල්පයකට දුරයි කියා දන්නවා නුඹත්
මුණිවත කුමකට රකිනු ද මේ ලෙසින් තවත්
මදිද හෙලූ කඳුළැල් තෙත් කරන් මා දෙනෙත්
කල් බලා උනිමි හිනා වෙන්න ඔබේ ළඟට වී
හේතුවක් නැතිව තරහ වෙලා හුඟක් නපුරු වී
මට හිනා වෙන්න කියා දුන්නු ඔබේ හසරැලි
ඇයි මුවා කළේ මගේ නෙතට ගෙනත් කඳුළැලි
ඇයි තරහින්..... ගීතයක් වගේ.
ReplyDelete