මුදු සුවඳ නැති
රොන් රසය නැති
රළුම රළු වූ
ගල් මලක්
මම
බඹරු නුදුටුව ...
බිඳී විසිරෙන
සයුරු රළ මැද
පිපී හිනැහෙන
ගල් මලක්
මම
තනිව වැලපෙන ...
ගසේ අතු මත
නොපිපි හින්දා
නැතැයි කියනා
මුදු හිතක්
මම
ගල් මලක්
නැති කිසි හැඩක් ..
ලොවට රහසෙන්
තබා සඟවන්
සදා රකිනා
තෙත හිතක්
වෙමිය මා
මුදු ගල් මලක්
ඇති පෙම් හිතක් ....
හරිම ලස්සනයි ගයනි. මුදු හිතක් ඇති ගල් මලක්!
ReplyDeleteරසබර පදපෙළක්.
ReplyDelete...සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල
ස්තුතියි ...
ReplyDelete