පිපි කුසුමක සුවඳ වෙලා
මද පවනක සිසිල වෙලා
ළඟ රැඳෙනා හුස්ම වෙලා
සඳු වී ලොව එකළු කළා
සිනහව වී මුවේ ඇඳුනු
අරමුණ වී ලඟම රැඳුනු
කවියක් වී සිතේ ගෙතුණු
ඔබමයි හිරු සදා දිලුණු
දරු පෙම හද තුළ කැටි
කොට
සෙනෙහෙන් ගත ලේ කිරි කොට
පෙව් ඒ ලේ කිරි මහිමෙට
සදා ණය ගැතිය නුඹ
හට
No comments:
Post a Comment