Friday, January 18, 2013

පුර හඳට පෙම් බඳින රෑ පිපි කැකුළු මල මමයි


සුළඟ වගේ ඔබ ආවම හිතම හරි දඟයි 
සිත පුරා ඇවිද ඔබ ඒ මත අලුත් පද ගොතයි 
කවියක්ව සදා ඔය හිත මත නිදන්නට හිතයි 
ඒ නමුත් කෙලෙස ලං වන්නද ඔබ හුඟක් දුරයි 

දොඩමළු දෑසින් ඈත ඉදන් හුඟක් දේ කියයි 
ඒ රහස කිමැයි දැන ගන්නට ලං වෙන්න බයයි 
රෑ අහස වගේ හිනැහෙන තරු ඇස් මගෙයි සිතෙයි 
පුර හඳට පෙම් බඳින රෑ පිපි කැකුළු මල මමයි 

No comments:

Post a Comment