දැල් ගහපු බස් එකෙන්
මාසෙකට වතාවක්
මා බලන්නට එන
අපේ තාත්තා ..
යකඩ කූරු මැද්දෙන්
මා දිහා බලා ගෙන
කඳුළු කැට පිහිදනා
මගේ තාත්තා ...
විලංගු ලු අත් වලින්
මගේ හිස අත ගගා
රජෙක් වීයන් කියන
මගේ තාත්තා ...
අපේ ගෙදරට නොඑන
එතැයි මා මග බලන
හිර ගෙදර දුක් විඳින
මගේ තාත්තා ....
touching!
ReplyDeleteලස්සනයි ගයනි..හරිම හැගීම් බර වූ පැදි පෙළක්...
ReplyDeleteමම කළු සහ සුදු...
www.alnilamm.blogspot.com
ස්තුතියි
Deleteහිතට ගොඩාක් වැදුණා. ලස්සනට ලියලා තියනවා
ReplyDeleteස්තුතියි
Deleteඒ මගේ ..නුඹේ..අපි හැමගේම තාත්තා ය ...හරිම සුන්දරයි ගයනි....
ReplyDeleteස්තුතියි
Deleteමානවවාදී අදහසක්.. ජය වේවා... අපොයි වර්ඩ් වෙරිෆිකේෂන් තාම තියන් ඉන්නේ මොකද ඒයි අයින් කරන්න..
ReplyDeleteස්තුතියි .... කොහොමද ඒක කරන්නෙ ?
Delete