Wednesday, May 10, 2017

~~~ෆැක්ටේරියේ කඳුළු~~~


මැෂිම පාගන කකුල් රිදුනට
එක දිගට පෑගුවේ නැත්නම්
කවර් කරනට බැරිව ටාගට්
පඩිය අඩුවයි අතට එන්නේ...

ලයින් ලීඩර්, හෙළන බැල්මට
පිච්චි පිච්චී වැඩ කරද්දී
කී වතාවක් නම් සිතූවද
ආයෙ කවදද ගෙදර යන්නේ...

එක දිගට පැය දහය දොළහක්
දවස ගාණේ මැසිම පාගා
එක ම හොද්දක් බතක් කාලා
විඳින දුක් කවුරුන් ද දන්නේ...

තාත්තා ඇති පොළොව කොට කොට
කාස්ටක අව්වට ම වේලී
කාසෙ හැදිලත් වගක් නැතුව ම
අම්මා ඇති ලිප ගාව තාමත්...

බඩට වේලක් දෙකක් කාලා
ගමේ හිටි හැටි යළිත් සිහිවේ
මාසෙ පඩිපත අතට අර ගෙන
ගෙදර දුව ගෙන යන්න ඕනේ...




සොමි කිරණ පැරදි මුදු ගුණෙන සපිරි
තුන් ලොවමැ සිසාරා නුවණ විසිරි
හිරු එළිය සමවැ ලෝ අඳුර දුරැරි
මා සම්බුදු පියාණෙනී....
සිහි කරමි නිබඳ වැඳ පාද කමල
මා ලොවුතුරු පියාණෙනී . ..

මරුසෙන් පරදා - බුදු පදවි ලබා
ලෝ සතට නිවෙන මං කියා දුනී
බරණැසිනි සිහිල් දම් ගඟුල ගලා
තුන් ලොවමැ නිවා  සුව සදා දුනී

රාහුලට සේමැ ලෝ සැමට ප්‍රේමෙ පා
ගිනි ගත් හදවත් නිවා දමා
කුසිනාරාවේ සල් රුක් සෙවණෙන්
සඳහම් මෙහෙවර වීය නිමා


Tuesday, May 9, 2017

අහස් වියන යට .....


ගැබ් බර අඳුරු අහස ම
ඇස් වල කඳුළු ගුලි කර
ඉස්සර අපෙ කතන්දර
තිස්සෙම කියයි මා හට....

වැස්සක හැඩක් නැතුවම
මෙච්චර අඳුර පිරුණම
කොච්චර දුක ද අහසට
තිස්සෙම අසයි මා සිත....

ඇස් වල කඳුළු හංගන
ඒ මත හිනා අන්දන
මෙච්චර අඬන මං ගැන
දුක නෑ නුඹට වෙන් වුණ....