Friday, March 6, 2015

සත්තකයි ඔය හිතට තාම මං ආදරෙයි...

එක පරණ කවි පෙළක නුඹ මෙ'මට ලියපු
ඒ හීන ගුලි වෙලා තිබුණා අප බලපු
එකින් එක මතක් වී පැතුම් පෙර මවපු
අළුත් කඳුළක් ඇදුණි, කොපුලෙ නුඹ සිඹපු

හීනයක් වගේ ඇස් අරිද්දී මැකුණු
කොහේ නුඹ සැඟවුණි ද සොයයි සිත රිඳුණු
තාම සිත හොයනවා සුවඳ පෙර දැනුණු
පිසලන්න යළි ඒ ද කඳුළ ඇස නැඟුණු..

හීනයක් සේ මැකි
ගියත් නුඹ සිතිජයේ
සත්තකයි ඔය හිතට
තාම මං ආදරෙයි...

6 comments:

  1. සත්තකයි ඔය කවි හිතට
    අපිත් හරි ආදරෙයි !!!!
    -අමායා මැණික් -

    ReplyDelete
  2. ගයානි...................

    අගේ අැති කවි බ්ලොගයක්....... අැයි අපේ සින්ඩි වලට ඒකතු වෙන්නැත්තේ... ඒවාට අැවිල්ලා රෙජිස්ටර් වෙන්න.... අනික් අයටත් මේ පැත්තට ඒන්න පාර කියාවි...... මේ හැකියාව ඔවුනුත් අගය කරවි..............

    අගෙයි.. අපිත් දිගට ම ඒන්නම්......... දිගට ම ලියන්න............. නියමයි

    ReplyDelete
  3. ඔබේ බ්ලොගය පුරා ම අැවිද්දා............... ඉතා වටිනවා...... අැයි මේ කවි ගොන්න බ්ලොග් නරඹන්නන්ට වහං කරං ඉන්නේ.... අපට හැකි විදිහට කට්ටියට හදුන්වා දෙන්නම්..... කට්ටියට ඔබේ බ්ලොගය ගැන විස්තර කියන්නම්.... අපි සින්ඩි දෙකතුනකට සම්බන්ධ කරන්නම්........

    ඒත් ඔබ අනික් සහෘදයන්ගෙත් බ්ලොග් වලට ගොඩවැදිලා මිතුරන් හදාගන්න තරමට කට්ටිය ඔබව නරඹන්න ඒවි............ මේ නිර්මාණයන් හංගන් ඉන්න ඒපා........

    ReplyDelete
  4. කාලෙකින් ආවෙ නෑ දුව. ලස්සනයි, විරහව දුක් බරයි.

    ReplyDelete
  5. බොරලැස්ගමුවෙන් අලුත් කිවිදියක්

    ReplyDelete
  6. රිදුන සිතක්

    ReplyDelete