Wednesday, May 10, 2017

~~~ෆැක්ටේරියේ කඳුළු~~~


මැෂිම පාගන කකුල් රිදුනට
එක දිගට පෑගුවේ නැත්නම්
කවර් කරනට බැරිව ටාගට්
පඩිය අඩුවයි අතට එන්නේ...

ලයින් ලීඩර්, හෙළන බැල්මට
පිච්චි පිච්චී වැඩ කරද්දී
කී වතාවක් නම් සිතූවද
ආයෙ කවදද ගෙදර යන්නේ...

එක දිගට පැය දහය දොළහක්
දවස ගාණේ මැසිම පාගා
එක ම හොද්දක් බතක් කාලා
විඳින දුක් කවුරුන් ද දන්නේ...

තාත්තා ඇති පොළොව කොට කොට
කාස්ටක අව්වට ම වේලී
කාසෙ හැදිලත් වගක් නැතුව ම
අම්මා ඇති ලිප ගාව තාමත්...

බඩට වේලක් දෙකක් කාලා
ගමේ හිටි හැටි යළිත් සිහිවේ
මාසෙ පඩිපත අතට අර ගෙන
ගෙදර දුව ගෙන යන්න ඕනේ...


No comments:

Post a Comment