Monday, March 4, 2013

ඔබ නමින් සොඳුරු පෙම් සිහිනයෙම තනි වෙමි


සිහිනයක් වී ඇවිත් දෙනෙත් මත සැතපිලා
සෙනෙහසක් තවරමින් පෙමක් කවිකම් කළා
අරමුණක් නැතිව ඒ ලීව කවි කියවලා
හැඟීමක් නැති ලෙසට හිඳිමි පෙම සඟවලා

සැනහෙන්න හිතුනාට උරහිසේ හිස තියා
ඉවසාන හිඳින්නම් කඳුළකින් දුක කියා
ආදරේ දැනුනාට දෙනෙත් මත ඇති ලියා
සිල් බිඳිනු බැරි නිසා හිඳිමු අපි  දුර නොයා

තුරු හිසක මලක් වී පිපෙන්නට පැතුවෙමි
ගඟක රැළි සේ  ලොවට රහසේම ඉකිලමි
ආදරේ දෝරේ යන ඔය නෙතින් සැඟවෙමි
ඔබ නමින් සොඳුරු පෙම් සිහිනයෙම තනි වෙමි

No comments:

Post a Comment