Wednesday, April 17, 2013

නිදි දෙව්දුවේ


නිදි දෙව්දුවේ ඇවිත් නිදන්න ඇස් පියන් මතේ 
මගෙ නින්ද හොරෙන් ගෙනිහින් ඔහු නින්ද ළඟ නැතේ 
කඳුලෙන් කවි පද සිත්තම් කරනාවූ මගෙ හිතේ 
නින්ද නැතත් මතකය මත අලුත් පද ගෙතේ 

ඉර ඇහැරුනාද එළි වුණාද වගක් වත් නැතේ 
සඳු හිනැහුනාට අඳුර මිසක් එළිය ළඟ නැතේ 
තනිකමට ලඟින් ඉන්නට උණු කඳුළු රැඳි නෙතේ  
ඔබ එන්න දෙව්දුවේ නිදන්න ඔබට ඉඩ ඇතේ 

හීනෙක දැවටී ඔහු ඒ යැයි කියා සිත සිතා 
නෙතු පියා ගතිමි නින්දක් නෙතු අහලකත් නැතා 
නිදි දෙව්දුවේ ඔබේ සියුමැලි පහස පත පතා 
මග බලමි ඉදින් හනි හනිකට වඩිනු මා වෙතා 

1 comment:

  1. නින්ද තරම් විවේකයක් කොහෙද ඉතින්? වෙලාවක මේ පාරෙන් එන්නෝ....http://kurutugegeepota.blogspot.com/

    ReplyDelete