Wednesday, December 4, 2013

පුංචි එකී මං ...

සුදු කොට රැළි ගවුම ඇඳලා
කොණ්ඩ කරල් දෙකක් ගොතලා
දෙවැට දිගේ අකුරට ගිය
පුංචි එකී මං ...

අරලිය ගය උඩට නැගලා
පොකුරු පොකුරු මලුත් නෙලලා
උදාසනම පාසල් ගිය
පුංචි එකී මං ...

සමනලුන්ට රහස් කියලා
බත් කූරන් නූල් බැඳලා
ලන්ද දිගේ දං කඩාපු
පුංචි එකී මං ....

කොලු රෑනේ මැදට පැනලා
වෙල් එළියේ එල්ලේ ගහලා
තාත්තට හොරෙන් ගෙට ගිය
පුංචි එකී මං ......

ශිෂ්‍යත්වය හොඳට ලියලා
මහා ඉහළින් ලකුණු ලබලා
ගමෙන් සිදාදියට ආව
පුංචි එකී මං ....

සමනල් හිත ගමේ තියලා
සිදාදියේ අකුරු කරලා
ගමේ යන්න පාර හොයන
ගමේ එකී මං ...

4 comments:

  1. සමනල හිතක ගී සිතුවම්..අපුරුයි ගයනි

    ReplyDelete
  2. සේකර ගේ ගම අමතක යි කවි පෙළ මතක් වුණා.

    ReplyDelete