Sunday, March 8, 2015

~~~ගඟ සහ ගස~~~

ඈත සමනොළ මුදුන සිප ගෙන
රළුපරළු ගල් වල හැපී
සීත උණුහුම සමව විඳ ගෙන
සුවඳ සිඹ මල් වල පිපී
නෑර හැම රහසක්ම දැන ගෙන 
හමන මාරුතයෙන් කිපී
පාර සොය සොය සයුර හමුවට
ගලා යන්නේ කිම තෙපී...

පාරවන ගත හිරු ගෙ කිරණින්
එකම එක මොහොතක් මිදී
සිහිල සැනසුම සෙනෙහෙ විඳිමින්
නුරා සුව දැහැනෙන් බැඳී
ඔබේ ඇකයේ ලබැඳි සෙවනේ
නිරාමිස උණුසුම විඳී
අසුරු සැන නිම වීය නොදැනම
සයුර වෙත යමි සිත රිදී...

6 comments:

  1. කවි නිර්මාණ අැත්තට ලස්සනයි... කිව්ව වගේ තාමත් සින්ඩි වලට සෙට් වුනේ නැද්ද

    ReplyDelete
  2. අැයි දාන කමෙන්ටු පෝස්ට් කරන්නැත්තේ.............????

    ReplyDelete
  3. ලස්සනයි ගොඩක්..

    ReplyDelete
  4. හොඳ අරුතක් තියෙන පද පෙලක්
    ජයම වේවා!

    ReplyDelete