Friday, March 6, 2015

කඳුළු ඇයි බර මේ තරම්

කඳුළු ඇයි බර මේ තරම් 
ඇහි පිල්ළමට රිදෙනා තරම් 
කොපුලත තෙමා - හිත දව දවා 
ගිලිහෙන්නෙ ඇයි සිහිලස දෙවා 

සුසුම් ඇයි රළු මේ තරම් 
සිත සියුම් තැන් පාරන තරම් 
හද ස්වර පවා - සුසුමෙන් වෙලා 
ගිලිහෙන්නේ ඇයි සිත රිදවලා 

ඔබෙන් ලද පෙම මේ තරම් 
මට නපුරු කඳුළක් වූ තරම් 
මට මා පවා - හිමි නැති කළා 
ඔබ මගෙන් හිත ගෙන ඉගිලිලා

1 comment:

  1. සුන්දර ගීතයක ගැලපෙන පද............. උත්සහයක් දරලා බලමුකෝ................. ගායකයෙකුට දීලා බලන්න...... අත දෙන්න බැහැ කියන ඒකක් නැහැ........

    ReplyDelete