Friday, May 31, 2013

දුරින්ම ඉන්නම් එතකොට පුළුවන් හොඳින් බලා ගන්න ...

ආල හිනා ළඟ කෝල වෙලා මං බයෙන් බලන් උන්නා
දෑස පුරා රස රහස් ලියා නුඹ අලුත් හිනා දුන්නා
පාන හිනාවෙන් පාර කියා නුඹ අනන්තයක් මැව්වා
පාර දුරයි මට යන්න බයයි මං දෑස් පියන් වැහුවා

හිත හිරිවට්ටන ඔය ඇස් මානෙන් වහං වෙලා යන්න
දුකක් දැනෙනවා හිතෙන් අදිනවා ඔබේ ලඟින් ඉන්න
දාහක් ඇස් අප දිහා බලන් ඇති අපටත් නොදැනෙන්න
දුරින්ම ඉන්නම් එතකොට පුළුවන් හොඳින් බලා ගන්න

2 comments:

  1. මුල් කවිය මට සිහි කෙරුවේ පහු ගිය ටිකේ ජනප්‍රිය උන ගීතයක පද ටික. ලස්සනයි ගොඩක්

    ReplyDelete
  2. මුනිවත හොඳ යි දෙබසින් දුක වැඩි හින්දා....

    ReplyDelete