Thursday, July 11, 2013

තරුව මමයි ඔබ ගාවම ඉන්න සඳවතී

මන්දාරම් අහස වගෙයි හඬන සිත මගේ
දරාන දුක සඟවා ගමි කඳුළු නැඟි ඇසේ
දුරින් බලා උන්නට ලං වෙන්න පින් නැතේ
හැමදාමත් හිනා වෙලා වෙන්ව යමු මෙසේ

දෙනෝදහක් ඇස් මග දිග දකින්නට ඇති
ඔය ඇස් මිස වෙන කිසිවක් මතක මත නැති
වදනක් වත් නොදොඩා දුන් සිනහා තොල් පෙති
මගෙ නොවුණත් මගෙයි කියා දරා ගමි නිති

හමුව සිනාසෙමු ලංවී ඉන්න පින නැති
හැම මොහොතෙම ලඟම රැඳෙමි සුළඟ හා එතී
එක කඳුළක් වත් හෙළන්න එපා දුක සිතී
තරුව මමයි ඔබ ගාවම ඉන්න සඳවතී

3 comments:

  1. තරුව නුඹයි මම සඳ වෙමි එය වෙනස් නැති
    තරු නොදිලෙන සඳ පහනක එළිය නොදිලෙති
    තරුව සඳෙන් දුරස් උනොත් සඳට තනි ඇති
    දුරක නොයා ළඟම හිඳිනු මගේ හිතවතී

    ලස්සන කවියක්!

    ReplyDelete
  2. හැමදාමත් හිනා වෙලා වෙන්ව යමු මෙසේ

    ReplyDelete