Wednesday, November 21, 2012

ඔබ ඉන්න මතකය වෙලා..


රෑ අහසේ තරුවක් වෙලා 
මහා සයුරෙ රැල්ලක් වෙලා 
බඹරෙකුට කුසුමක් වෙලා 
ඔබ ඉන්න මතකය වෙලා
තරු ඉකි බිඳින රෑ සීතලේ 
ඔබ ආවාම මතකය දිගේ 
දිය කළඹාලා නිල් නෙත් විලේ 
ගිලිහේවි කඳුලක් වගේ
පෙම් ගී ගයන මහ සමුදුරේ 
රැළි සේ ඔබ හිඳී මතකයේ 
හිස සතපන්න ඔය පපුතුරේ 
එනු මා වෙතට නිල් නයනියේ ..

No comments:

Post a Comment