Wednesday, November 21, 2012

.. සිනහව ..



වියලුනු කතරකට වැටෙනා පොද වැස්සක් 
පුබුදයි නැවුම් පොළොවේ මල් දස දහසක් 
ඉඳ හිට වුවද පිපෙනා මුව මදහාසක් 
සැනසුම් සුවය අතුරයි මත සිත් අහසක්

හිරුගේ රැසින් මුළු ලෝකය එකළු වෙතේ 
සඳුගේ බෙලෙන් ඝන කළුවර පහව යතේ 
සුන්දර සිනාවක් රැඳවූ සොඳුරු වතේ 
ලස්සන ලොවේ පිපෙනා කිසි මලෙක නැතේ

No comments:

Post a Comment