Wednesday, November 21, 2012

ඔබ උන්නා නම් මගේ ලෝකය වේවිය එකළු


දුර ඈත අහසේ හිනැහෙන සඳ රහසින් තෙපලු 
රහස ඔබයි ඔබ ආවම හීනෙම හැඩලු 
හීනයෙන් නොවෙයි හැබැහින් විත් වෙන්නට තුරුළු 
දින ගණිමි මෙමං එනමුත් ඔබ මට බෝ දුරලු 

ඔබ සිහි වෙන හැම මොහොතෙම නෙත හිනැහෙයි කඳුළු 
මතකයි යුර ඔබ ඇඟිලි තුඩින් කඳුළැලි  පිසලු 
මග බලමි නිතින් අතුරන්නට මුව මත මුකුළු 
ඔබ උන්නා නම් මගේ ලෝකය වේවිය එකළු 

No comments:

Post a Comment