Thursday, January 30, 2014

ඔබ එන්න ආදරෙන් මගෙ නොවී මගෙ වෙන්න ......

හුස්මකින් හිත නිවා
හදෙහි රිද්මය අසා
ඇහි පිල්ලමක් යටින්
ජිවිතේ කියවන්න ..
ආදරේ විඳ ගන්න ..
පපුතුරෙහි හිස හොවා
ඉන්න මට හිතෙනවා
එකම එක ඇසිල්ලක්
ලෝකයෙම ඇස් වසා .....

උර මඩලේ සුව සොයා
නෙතු පියන් පත් පියා
හද ගැහෙන රාවයෙන්
ගීතයක් මුමුණන්න ..
ආදරේ විඳ ගන්න ..
ඔබ ලඟම දැවටිලා
ඉන්න මට හිතෙනවා
එකම එක ඇසිල්ලක්
උණුහුමට ගුලි වෙලා .....

වැටෙන හැම හුස්මකම
සිහිලසෙන් නැහැවෙන්න ..
ඇස් කෙවෙනි අග ලියු
ආදරේ ඇහිඳින්න ..
ඇඟිලි තුඩු උණුහුමෙන්
මොහොතකට ගුලි වෙන්න ..
ඔබ එන්න ආදරෙන්
මගෙ නොවී මගෙ වෙන්න ......

1 comment:

  1. ගිහාන් CJanuary 3, 2015 at 7:32 PM

    හරිම ලස්සනයි ...මටම කිව්ව වගේ ....(ගිහාන්)

    ReplyDelete