Thursday, January 30, 2014

මතක අමතක කරනෙමි ...

හුදෙකලා තනි මංසලේ
අයාලේ ගිය ජීවිතේ
ඔහේ සුළඟේ ගසා යාදෙන්
කොහේ හෝ ඈතක් සොයා ...
ඔබේ නෙත් මානෙන් එහා ....

උණු කඳුළු වැස්සේ තෙමි
සුසුමකින් සිත සලිත වී
හදේ ගැඹුරෙම රිදුම් දේවී
මටත් රහසෙන් ඉකි ගැසී
ඔබට පිදු පෙම මිළින වී ....

සුළඟක් ව සිහිලස මට දිදී
සුවඳක් ව දිවියෙම ළඟ හිඳී
දුර ඉන්න සනසමි සිත නිති
ඔබ හින්දා මා විඳී දුක් ඇති
ඒ මතක අමතක කරනෙමි .....

1 comment:

  1. පෙස් බුකියේ ඔබේ කවි නිතර නිතර දැකලා තියෙනවා. පලමු වතාවට වෙන් ඇති මම මේ බ්ලොග් අඩවිය පැත්තේ කරක් ගැහැව්වේ. හොහොම අගෙයි. දැන් දැන් කවි ලියන අයත් තමන්ගෙම කියලා බ්ලොග් අඩවි කරගෙන යනවා. ඇත්තටම සතුටුයි. මට මතකයි ඉස්සර නම් කවියක් තියා නිසැදසක්වත් ලියන බ්ලොග් අඩවියක් හොයා ගන්න අමාරුයි. හැම බ්ලොග් අඩවියක්ම වාගේ තිබ්බේ පරිගණක විද්‍යයාව ගැන ලිපි තියෙන ඒවා. දැන් දැන් හැම ක්ෂෙතුයක්ම ආවරණය වෙන්න බ්ලොග් අඩවි තියෙනවා.

    ඔයාලාගේ බ්ලොග් අඩවියත් එකතු කරන්නඔයාලාගේ බ්ලොග් අඩවියත් එකතු කරන්න


    ඔයාලාගේ බ්ලොග් අඩවියත් එකතු කරන්න

    ReplyDelete