අහස තරමට පුරා පැතුමන් හීන මැව්වා මහ ගොඩක්
ආදරෙන් ඔබ ලඟම ඉන්නට ඔබ මගේ වෙන හෙට දිනක්
හීන කන්දම දෙපා මුල අද කඩා වැටුනා දී දුකක්
ඔබේ වෙන්නට ලඟම ඉන්නට නොමැති හින්දා මට පිනක්
සරා සඳ නෑ අඳුර පමණයි මගේ ලෝකයේ රජ වෙලා
අරා නුබ ගැබ රැඳී ළඟ උන් තාරුකාවක් තනි වෙලා
දරා ගන්නට බැරිව තනිකම සුසුම් රැල්ලක සිර වෙලා
පරා ජිත පෙම් කවක් ලියනෙමි ඔබේ නාමය සිහි වෙලා
සිතින් සියවර පැතුම් පැතුවෙමි මගේ ලෝකය නුඹ කියා
ගතින් නුඹ දුර ඈත ඇදුනා මගේ හිත ළඟ දුක තියා
නෙතින් ගිලිහෙන කඳුළු කැටයක අපේ පෙර මතකය ලියා
ඉතින් සමු දෙමි යළිඳු යම් දින මගේ වී හමු වන නියා
සිහින මාලිග අවදි වනවිට නෙතට නොදැනී බිඳෙනවා
තැනු මාලිග බිඳී වැටුනම දරනු බැරි දුක් දැනෙනවා
දමා ගිය මුත් සොයා මා යළි ඒය මා සිත කියනවා
ගරාවැටී නටඹුන් අතර හිඳ තවම නුඹේ පෙම විඳිනවා
No comments:
Post a Comment