කන්ද උඩින් හඳ පායන සීත දුරුත්තට
සිත වාන් දමන සිතුවිලි ගොනු කරමි පුරුද්දට
ඔබ යන්න ගියත් නොකියා කඳුලක් දී කොපුලට
මල් හිනා අරන් තාමත් එන්නේ ඇයි සිහිනෙට
දුර ඈත දිලෙන සඳ මගෙ යැයි සිතාන උන් දා
ඒ සඳ එළියට සිය දහසක් කවි පද බැන්දා
අවපසට ගොසින් ඒ සඳ ඝන කළුවර රන්දා
සඳ නොමැති සොවින් තුන් තිස් පැය මා ඉකි බින්දා
වැව් දිය තාමත් මියුරු හඬින් ගීත ගයනවා
සඳ එළිය ඇවිත් වැව් දිය මත රටා අඳිනවා
සඳ සිසිලේ වැව් දිය මත කොඳ කුමුදු පිපෙනවා
ඔබ නොමැති සොවින් මං තනිවම කඳුළු සලනවා
No comments:
Post a Comment