හීනයක් සේ ඇවිත් එබිලා මටත් නොදැනිම මගේ ලෝකෙට
ගීතයක් වී රැඳී උන්නා සිනාවක් දී හඬන නෙතඟට
තාලයක් නැති ගීතයක් මට උරුම කර දී හදේ තනියට
මේඝයක් සේ මටත් නොකියා ගිහින් දුක දී ම'සිත් අහසට
දෑස තද කර වසා ගමි මම නමුත් ඔබ විත් එබෙයි මසිතට
දෑත දසැඟිලි අතර දඟ කළ ඔබේ අතැඟිලි සොයයි තනියට
ඈත සඳ රැස් මැදින් නෑවිත් ඉන්න හැකිදෝ මගේ මතකෙට
මාස දින සති ගෙවී ගිය මුත් කඳුළු කීම තව ඔබේ නාමෙට
No comments:
Post a Comment