Thursday, October 25, 2012

මගේ පුතු හරි හපනා ...




මාගේ පොඩි පුතා පහුගිය දවස් වල
පොතක් අරන් කියවනවා සවස් කල
පුතේ මොකක්දැයි ඔය පොත ඇසූ කල 
මුවගේ මැවුනි හරි ලස්සන සිනා මල

අම්මා දන්නේ නෑ මේ පොත හරිම අගෙයි
"ලෝවැඩ සඟරාව" අම්මේ පොතේ නමයි 
ළමයින් හට අගේ ඇති දේ පොතේ තිබෙයි 
මේ කවි දන්න පන්තියේ එක ළමයා මමයි 

මා හිත වෙළා ගත්තා සැනසුම් සුසුමක්
ඔබ වන් පුතෙක් ලද මා ලැබුවේ නිවනක් 
පුතුනේ දිනෙක ඔබ නම් වෙනවා කුසුමක් 
හිස සිඹ සිතින් පැතුවා මා සුභ පැතුමක් 

No comments:

Post a Comment