මල් කැකුළට
දුක හිතුණා
නෙතු අග
කඳුළක් දිලුණා
සිහින් සරින්
ඉකි බිඳුනා
ලොවට ම රහසේ
හැඬුවා ...
සමනලයෙක්
එය දුටුවා
ඇවිදින් මල ළඟ
වැසුවා
මල මත
හාදුවක් තබා
රහසෙන් මෙන්
දුක ඇසුවා ...
මල මත
සිනහා ඇඳුනා
උණු කඳුළැලි
පිස දැමුනා
සමනල සෙනෙහෙන්
මත්වී
තනිකම ගැන
දුක කීවා...
සමනලයට
දුක හිතුනා
මල ළඟ
තනියට රැදුනා
එදා ඉදන්
හැමදාමත්
මල් හිනැහෙනවා ....
No comments:
Post a Comment