රෑක දුටුව හීන කන්ද යළිඳු දකින්න
හිනා මිසක නෙතු අග කඳුලක් නොපිපෙන්න
මලක් නැතත් අතු අග රැඳී කටු නොපෙනෙන්න
හැකිවේද මගෙ හිත ආපහු මා වෙත දෙන්න
වියැළුණු ඉරි තැලුණු හිතට සැනසුම දෙන්න
පොද වැස්සක් වෙලා ඇවිත් ම'සිත තෙමන්න
එන්නම බැරි නම් නොපෙනෙන්න ඈතක යන්න
සැඩ සුළඟක් ලෙස මතකෙට නෑවිත් ඉන්න
No comments:
Post a Comment