තනිකමක් දැනුනාම 
උනුහුමක් පැතුවාම 
ඔබ ඒවි සුළං රැල වාගේ 
බෝ දුරක රැඳුනාම 
ළඟ වගේ දැනුනාම 
ඔබ උන්නේ හිත මතයි මාගේ 
උණු කඳුළු ඉනුවාම
නෙත් කෙවෙනි තෙමුනාම
මුළු හිතම ගිනියම් වෙලා 
ඔබ ඇවිත් එබුනාම
ඔය සුවඳ දැනුනාම 
මගේ ලොවම පෙම්වත් කළා 
නිදි නොමැති නෙතු මතට 
ඉකි බිඳින සිහිනයට
ඔබ එන්න සැනසුම වෙලා 
නෙතු ඉමේ කඳුලකට 
තනිකමේ ගීතයට 
සමු දෙන්න ඔබ මගේ වෙලා 
 
No comments:
Post a Comment