කලා
සොලස පිරි පුර හඳ වැසුනාදෝ
වෙලා
අඳුර ඝන කළුවර වුනාදෝ
දුලා
නුවන් යුග කඳුලින් පෙගේදෝ
පෙලා
යන්න මා වරදක් කළාදෝ
සයුර
තරම් උණු කඳුළැල් හෙලූවා
අහුර
අහුර දුක් ගිනි දැල් ඉහිලූවා
පවුර
බිඳී විජිතය අසරණ වූවා
පහුර
නැතුව මා ගඟ මැද තනි වූවා
මලක්
වුණේ ඇයි අකලට පර වෙන්න
මළත්
සැපයි මේ දුක බෑ උහුලන්න
කලක්
පෙම් කලත් බැරි විය හඳුනන්න
ගලක්
වුණේ කොහොමද මට පවසන්න
No comments:
Post a Comment