නා දළු පහසේ වෙලී ගැලුණු සිත
නමින් ලියු කවි පද දකිනා සඳ
මටත් හොරෙන් උණු කඳුලක් අවුදින්
නෙත් කෙමි මත වෙලුනා
කඳුළු මැදින් මුදු උණුහුම සිහිවී
ගතම කීරි ගැසුනා ...
පාළු ඉසව්වක සඳ සෙවනැල්ලක
පොඩි තරු කැටයක එළියෙන් මා දුටු
ඔබේ දෙනෙත් මත ඇඳි මා රුව වෙත
යළි මනසින් ඇදුනා
දිව විත් යළි නෙත් පහස විඳින්නට
බැරි ඇයි දැයි තැවුනා ...
රිදෙන බිඳෙන සිත දුකින් තැවෙන විට
කඳුළු ඇවිත් දුක දියකර හැඩුවම
හෙමිහිට ඇවිදින් මා සනසන්නට
ඔබම එතැයි දැනුනා
සඳට හොරෙන් සඳ සිසිල විඳින්නට
එන්නට මට සිතුනා ....
No comments:
Post a Comment