නොමග යද්දී නිසි මග ගැන නිරතුරුවම කියා දෙද්දී
ළඟ උන්නත් මා අතහැර මටත් හොරෙන් දුර ඇදෙද්දී
වැටෙන කඳුළු ඉවසා ගෙන යළි එනතුරු මග බලද්දී
මතකද නුඹ හිනා වුණා මගෙ දුප්පත් හිත රිදෙද්දී
ඉහිරුණු කිරි මුට්ටියකට කිමද නැවත හඬන්නේ
රෑක වැටුණු වළට නෑනේ යළිත් දවල් වැටෙන්නේ
බිඳුනොත් බඳුනක් කොහොමද පෙර ලෙස යළි තනන්නේ
අතැර ගියපු පෙම් සිහිනය නෑ ආපහු දකින්නේ
මග වැරදුණු තරුවක් සේ මා අතහැර ඉවත ගියා
කඳුලක උණුසුම පමණක් තනියට මා ලඟම තියා
මග බලමින් උන්නෙමි මම ඔබ ඒ යැයි දෙනෙත අයා
පෑරුණු හිත සුවපත් දැන් ආයෙත් නොම එන්න ඔයා
No comments:
Post a Comment