දඟ කරන මදනලක වෙලී විත් මා කරා 
කොහෙද නුඹ සැඟ වුනේ මගේ සිත ගෙන සොරා 
මල් සුවඳ විලසවිත් මගේ හද ලෙන අරා 
සිහිනයක දැවටෙමින් නිවයි සිත රැය පුරා 
සේපාලිකා මලක මුදු සුවඳ හා වෙලී 
ඔබ සොයා එමිය මම රැය දිගුද නොදනිමි 
සිහිනයෙන් මිදෙන්නට බියෙන් සිත ඉකි බිඳී 
හිරු නැගෙනු පමා වී සිහිනයෙම මම ඉමි 
කවියක්ව ලියවෙන්න ජිවිතේ පොත පුරා 
තනුවක්ව සනසන්න හදේ වෙණ තත් අරා 
ගීතයක් වී ගැයෙන නින්ද නැති නෙතු පුරා 
ඉවසාන ඔබ ඉන්න එමිය මම ඔබ කරා  
 
No comments:
Post a Comment