Friday, December 21, 2012

කවුද හොරෙන් හීනෙන් විත් ළඟ දැවටෙනවා ..

හෙන්දිරික්කා මල් සුවඳක් 
වගේ සිත් ඉමේ වෙලෙමින් 
කවුද හොරෙන් හීනෙන් විත් 
ළඟ දැවටෙනවා ..
ගීතයක් වගේ සවණත 
රහස් කියනවා ....

මේඝයක් වගේ අවුදින් 
පාලු හිතට තනි රකිමින් 
කවුද හොරෙන් හිත ළඟ හිඳ 
තනිය මකනවා ...
ආදරේ සොඳුරු කවියක
පද අමුණනවා .....

රෑ පුරා සිතෙහි ඇවිදින
නෙත් ඉමේ රුවම ගවසන
සිත් විලේ රඟනු කීම නුඹ
ම'සිත අසනවා ....
පිළිතුරක් නොදී පෙර ලෙස
ඔබ හිනැහෙනවා ....

No comments:

Post a Comment