Monday, November 5, 2012

...උදුම්බරා...




අටේ කැලෑසියේ උන්න 
හැඩකාරම කෙල්ල වෙච්ච 
මගෙ පස්සෙන් ආපු කොල්ලෝ 
තඹයට මායිම් නොවිච්ච 
වුනාට නුඹ දැක්කම 
හිත එක තැන ගල් ගැහිච්ච 
හින්දම නුඹ හා රෑකදී 
හොර රහසේ වහං වෙච්ච 
උදුම්බරා මං....

පෝලිමේ දරුවන් වදාපු 
නිරන්තරේ ගුටිත් කාපු 
හැම රෑකම කඳුළු බීපු 
නමුත් නුඹට සෙනෙහෙ පාපු 
උදුම්බරා මං .. 

පොලිසියට බොරු කිය කිය
සඟවා ගෙන නුඹව රැකපු  
හිර ගෙදරට බත් ගෙන ගිය
දුක් ගින්දර තනිව දරපු 
ඇප තියලා එළියට ගෙන 
යළිත් නුඹෙන් ගුටිම කාපු 
මැරුණත් නුඹ ලඟම ඉන්න
හැමදාමත් පෙරුම් පුරපු 
උදුම්බරා මං ....

5 comments:

  1. ඇප තියලා එලියට ගෙන
    යලිත් නුඹෙන් ගුටිම කාපු
    මැරුණත් නුඹ ලගම් ඉන්න
    හැමදාමත් පෙරුම් පුරපු
    උදුම්බරා මන් ...
    අපූරු නිර්මාණයක්...

    ReplyDelete
  2. අපූරු නිර්මාණයක්...
    ඇප තියලා එලියට ගෙන
    යලිත් නුබෙන් ගුටිම කාපු
    මැරුණත් නුඹ ලගම ඉන්න
    හැමදාමත් පෙරුම් පුරපු
    උදුම්බරා මන් ....

    ReplyDelete
  3. ස්තුතියි ... මේ මා දුටු සැබෑ ජිවිත

    ReplyDelete
  4. මට නං මේකට මාරේට හිත ගියා ලස්සන කයිය, අයින් කරහංන්කෝ බං මේ වර්ඩ් වෙරිපිකේෂන් රෙද්ද

    ReplyDelete