Friday, December 21, 2012

හිමි අහිමි

සඳ කිඳුරු කවේ සඳ කිඳුරිය වී 
ඉපදෙන්න පතන් මියැදෙන්න හිතයි 
ඔබ නමින් හදේ රැඳි සෙනේ අරුම 
සඳ කිඳුරිය වී පෙන්නන හිතයි 

සඳ වගේ දුරින් හිඳ ලොවට හොරෙන් 
ඔබ දිහා බලා ගෙන ඉන්න හිතයි 
සඳ අහිමි දුකෙන් ඉනු උණු කඳුළින් 
පිරි දෙනෙත ඔබට පෙන්වන්න දුකයි

No comments:

Post a Comment