Friday, December 21, 2012

මගේ නොවෙන හින්දා හිත දුකෙන් පිරේවි

හිරුට හොරෙන් පිපෙන සුවඳ කඩුපුලක් වගේ 
ලඟම රැඳෙමි නිබඳ ඔබේ හීනයක් දිගේ 
ලොව නොදන්න පෙමක මිහිර හොවා හද ගැබේ 
රකිමි සදා සඟවාගෙන පපුතුරෙහි මගේ 

කතා කරන ඇස් අභියස මුව ගොළු වේවි 
එක හිනාවකින් දුප්පත් හිත කීරි ගැහේවි 
ළඟ ඉන්න වරම් නැති හින්දා සිත වැළපේවී 
මගේ නොවෙන හින්දා හිත දුකෙන් පිරේවි

No comments:

Post a Comment